මහජනතාවට සේවය කිරීම තම මූලික රාජකාරියක් ලෙස සලකා කටයුතු කිරීම.
SABARAGAMUWA PROVINCIAL DEPARTMENT OF HEALTH
අවංකභාවය.
විනිවිදභාවය.
වගවීම.
සබරගමුව පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අභ්යන්තර කටයුතු ඒකකය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
අල්ලස් හා දූෂණයෙන් තොර, සාධාරණ සහ වගකීම් සහගත රාජ්ය සේවයක් ගොඩනැගීම සඳහා අපි කැපවී සිටිමු.
01 / OUR PURPOSE
අභ්යන්තර කටයුතු
ඒකකයේ අරමුණ
අප ක්රියා කරන්නේ කුමක් වෙනුවෙන්ද?
සබරගමුව පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුව තුළ අවංකභාවය, විනිවිදභාවය, වගවීම, සාධාරණත්වය හා මහජන සේවා ආචාරධර්ම මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීම සහ අල්ලස් හා දූෂණයෙන් තොර සුපිළිපන්න රාජ්ය සේවයක් පවත්වාගෙන යාම.
02 / RESPONSIBILITIES
වගකීම් සහ කාර්යභාරය
ආයතනික සුපිළිපන්නභාවය සහ දූෂණ විරෝධී ප්රයත්නයන් තහවුරු කිරීම සඳහා IAU වෙත පැවරී ඇති ප්රධාන වගකීම්.
නිලධාරියෙකුගේ පෞද්ගලික, පවුල්, ව්යාපාරික හෝ වෙනත් සම්බන්ධතාවයක් ඔහුගේ/ඇයගේ නිල රාජකාරි තීරණවලට බලපෑමක් නොවන සේ කටයුතු කිරීම.
නිලධාරියෙකුගේ නිල තීරණයට බලපෑමක් ඇති කළ හැකි හෝ එවැනි හැඟීමක් ඇති කළ හැකි කිසිදු ප්රතිලාභයක් පිළිගැනීමෙන් වැළකීම.
රාජකාරි කටයුතු අතරතුර ලබාගන්නා තොරතුරු ආරක්ෂා කිරීම.
රාජ්ය සම්පත් මහජන සේවය සඳහා පමණක් නීත්යානුකූල හා කාර්යක්ෂම ලෙස භාවිත කිරීම.
සෑම නිලධාරියෙකුම වෘත්තීයමය, ගෞරවනීය සහ වගකීම් සහගත හැසිරීමක් පවත්වා ගැනීම.
දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත නොකිරීම.
රාජ්ය නිලධාරීන් තම නිල රාජකාරි ඉටු කිරීමේදී දේශපාලනික මධ්යස්ථභාවය හා අපක්ෂපාතීභාවය පවත්වා ගෙන යාම.
රාජ්ය ප්රසම්පාදන කටයුතු විනිවිදභාවයෙන්, සාධාරණව, තරඟකාරීව සහ අදාළ නීති/මාර්ගෝපදේශ අනුව සිදු කිරීම.
රාජ්ය නිලධාරීන් සමාජ මාධ්ය හා digital platforms භාවිත කිරීමේදී වගකීම් සහගතව කටයුතු කිරීම.
රාජ්ය සුබසාධන සහ සමාජ ආධාර වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම පවත්වා ගෙන යාම.
මහජන පැමිණිලි සාධාරණව, කාර්යක්ෂමව සහ කාලෝචිතව සලකා බැලීම.
සෑම නිලධාරියෙකුටම රාජ්ය සේවයේ බරපතළ අක්රමිකතාවක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති වූ විට එය නියමිත වාර්තාකරණ ක්රමවේදය ඔස්සේ වාර්තා කිරීම.
ඔබ සෙවූ වචනයට ගැළපෙන කාර්යභාරයක් හමු නොවීය.
03 / OUR TEAM
අපේ කණ්ඩායම
අභ්යන්තර කටයුතු ඒකකයේ නිලධාරීන් සහ සහායක කාර්ය මණ්ඩලය.
Dr. N.B. Gamini
Mrs. D.C.G. Rathnayake
Members (සාමාජිකයින්)
Dr. S.P. Ranasgalla
MemberMr. P.A.T. Pushpakumara
MemberMr. W.H.C.R. Wickramasinghe
MemberMr. D.M.K.S.S. Disanayake
MemberMiss. U.G.L.E. Erandi
MemberSupport Staff (සහායක කාර්ය මණ්ඩලය)
Mr. K.J.B.R. Ranaweera
Support StaffMrs. K.M.A.K. Wijerathna
Support StaffMrs. Y.L.M.N.S. Yakandawala
Support StaffMr. H.H.D.R. Wimalawansha
Support StaffMrs. H.N. Amarasiri
Support StaffMr. F.A.D.D.G. Gunasekara
Support StaffYOUR VOICE MATTERS
ඔබගේ පැමිණිල්ල
අප වෙත යොමු කරන්න.
සාධාරණ සහ වගකීම් සහගත රාජ්ය සේවයක් සඳහා ඔබගේ සහයෝගය වැදගත් වේ.
04 / CONTACT US
අප හා සම්බන්ධ වන්න
වැඩිදුර තොරතුරු සඳහා පහත සම්බන්ධතා භාවිත කරන්න.
IAU Link – පැමිණිලි පෝරමය ↗Rathnapura, Sri Lanka